නවතම පුවත්

බස් ඇතුළේ භාණ්ඩ අලෙවිය තහනම්

අසංක

අසංක

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සියලුම පුද්ගලික හා ලංගම බස් රථ තුළ සිදු කෙරෙන භාණ්ඩ හා අහාර අලෙවිය වහාම නවතා දමන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යංශය, ජාතික ගමනාගමන කොමිසම හා ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් ලබාදී ඇත.

ජංගම වෙළෙන්දන් විසින් සෞඛ්‍යාරක්ෂණ පිලිවෙත් අනුගමනය නොකරමින් කටයුතු කරන බවට ලැබෙන පැමිණිලි අනුව අමාත්‍යංශය මෙසේ උපදෙස් ලබාදී ඇත.

ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පසුගිය මාර්තු මාසයේ සිටම දුම්රියවලට ජංගම අලෙවිකරුවන් ඇතුල්වීම වළක්වා ගැනීමට කටයුතු යොදා තිබේ.

ඇතැම් ජංගම වෙළෙඳුන් විසින් පුද්ගලික, ලංගම බස් රථ තුළ ඇතැම් ආහාර ද්‍රව්‍ය, වතුර බෝතල් හා රඹුටන් ආදි පලතුරු වර්ග අලෙවි කිරීම සිදු කරනු ලබයි.

මෙම පුද්ගලයින් විසින් දිනපතා බස් රථ ගණනාවකට ගොඩ වෙන අතර ඔවුන් විසින් සෞඛ්‍ය ආරක්ෂණ පිලිවෙත් අනුගමනය නොකරමින් සිදු කරන මෙම කටයුතු හේතුවෙන් කොවිඩ් 19 වසංගත තත්ත්වය ව්‍යාප්ත වීමට ඇති ඉඩකඩ ඉහළ බව පෙනී යන බවයි ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කර සිටී .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්