කොළඹ නගරයේ මංතීරු රථවාහන නියමු ව්‍යාපෘතිය යටතේ ත්‍රීවිල් සහ යතුරුපැදි බස් රථ ධාවන මංතීරුව තුළම ගමන් කරවීමේ දෙවන දිනය වන අද දිනයේ ත්‍රීවිල් සහ යතුරුපැදි ගමන් කිරීමේ විශාල අඩුවක් දැකගත හැකි වූ බව හැකිවූ බව පොලිස් රථවාහන අංශය පවසයි.
ඊට හේතු වී ඇත්තේ නව නීතිය යටතේ බස්රථ සමඟ එම මංතීරුවේ ගමන් කිරීමේදී ඊයෙ විශාල තදබදයක් හටගැනීම හේතුවෙන් අද දිනය වන විට බොහෝ යතුරුපැදි සහ ත්‍රීවීල් රියදුරන් විකල්ප මාර්ග භාවිත කිරීමයි.
ඒ අනුව අද දිනයේදී එම බස්රථ මංතීරුවේ වැඩි වශයෙන් බස්රථ පමණක් ගමන් කරනු දැක ගත හැකිවූ බව පොලිස් රථවාහන අංශයේ වැඩිදුරටත් පැවසීය.
මේ වන විට ක්‍රියාත්මක රථවාහන නව මංතීරු නියමු ව්‍යාපෘතිය ලබන විසි එක් වැනි දා සිට අඛණ්ඩව නීතියක් ලෙසින් ක්‍රියාත්මක වේ.