බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා වලට අනුව පසුගිය පැය 24 ක කාලය තුල එරට නව කොරෝනා ආසාදිතයන්
51,147ක් වාර්තා වී ඇති බවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් 50,000කට වැඩි සංඛ්‍යාවක් අඛණ්ඩව වාර්තා කර ඇති සිව්වැනි දිනය මෙය වන අතර,
මේ සතියේ වැඩිම ආසාදිත වාර්තාවක් තබමින් සතියකට ආසාදිතයන් 321,623ක් වාර්තා කර ඇති බවද එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මේ අතර බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෛරසය ආශ්‍රිත මරණ 1,211ක්ද ගෙවීගිය දිනයේ වාර්තා කළ අතර, මේ සමග සමස්ත මරණ සංඛ්‍යාව 86,449ක් දක්වා ඉහළ ගොස් තිබේ.