ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් මේ වනවිට බ්‍රිතාන්‍ය තුල කොවිඩ් තෙවන රැල්ල ආරම්භවී ඇති බව එරට මාධ්‍ය වාර්තා පෙන්වාදෙ .
ගතවූ පැය 24 ඇතුළත නව කෝවිඩ්-19 ආසාදනයන් 11,007 ක් සහ මරණ 19 ක් වාර්තා වීමත් සමග මෙසේ එරට කෝවිඩ් තෙවන රැල්ල ආරම්භවී ඇති බව සෞඛ්‍ය අංශද නිවේදනය කර ඇත
පෙබරවාරි මාසයෙන් පසු එක්සත් රාජධානියෙන් වාර්තා වන බරපතළම තත්වය මෙයවේ.
බදාදා දිනයේ එක්සත් රාජධානි වැසියෝ ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් (195,565) කෝවිඩ් වැක්සිනයේ පළමු මාත්‍රාව ලබාගත්හ. ඒ අනුව පළමු මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව මිලියන 42 ක් දක්වා ඉහළ යයි. මෙහි අර්ථය, එක්සත් රාජධානියේ වැඩිහිටි ජනගහනයෙන් 80%ක් එන්නත්කරණයට ලක් කර තිබෙන බවයි.
මේ අතර, 234,834 ක් දෙනා සිය දෙවැනි මාත්‍රාව ලබාගෙන ඇත. එහි අර්ථය වන්නේ එක්සත් රාජධානියෙන් 58.2%ක් දෙනා (30,675,207)සම්පූර්ණයෙන්ම එන්නත්කරණයට ලක් කර තිබෙන බව ය.
එසේ තිබියදී පවා තුන්වැනි රැල්ල ආරම්යභවීමට හේතුව ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම බව එරට සෞඛ්‍ය අංශ පවසති ..