නවතම පුවත්

බ්‍රිතාන්‍යයේ කොවිඩ් තෙවෙනි රැල්ලට හේතුව ඩෙල්ටා ප්‍රභේදයයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් මේ වනවිට බ්‍රිතාන්‍ය තුල කොවිඩ්  තෙවන රැල්ල ආරම්භවී ඇති බව එරට මාධ්‍ය වාර්තා පෙන්වාදෙ .

ගතවූ පැය 24 ඇතුළත නව කෝවිඩ්-19 ආසාදනයන් 11,007 ක් සහ මරණ 19 ක් වාර්තා වීමත් සමග  මෙසේ  එරට කෝවිඩ් තෙවන රැල්ල ආරම්භවී ඇති බව සෞඛ්‍ය අංශද නිවේදනය කර ඇත

පෙබරවාරි මාසයෙන් පසු එක්සත් රාජධානියෙන් වාර්තා වන බරපතළම තත්වය මෙයවේ.

බදාදා දිනයේ එක්සත් රාජධානි වැසියෝ ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් (195,565) කෝවිඩ් වැක්සිනයේ පළමු මාත්‍රාව ලබාගත්හ. ඒ අනුව පළමු මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව මිලියන 42 ක් දක්වා ඉහළ යයි. මෙහි අර්ථය, එක්සත් රාජධානියේ වැඩිහිටි ජනගහනයෙන් 80%ක් එන්නත්කරණයට ලක් කර තිබෙන බවයි.

මේ අතර, 234,834 ක් දෙනා සිය දෙවැනි මාත්‍රාව ලබාගෙන ඇත. එහි අර්ථය වන්නේ එක්සත් රාජධානියෙන් 58.2%ක් දෙනා (30,675,207)සම්පූර්ණයෙන්ම එන්නත්කරණයට ලක් කර තිබෙන බව ය.

එසේ තිබියදී පවා තුන්වැනි රැල්ල ආරම්යභවීමට හේතුව ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම බව එරට සෞඛ්‍ය අංශ පවසති ..

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්