ඉරානයේ නිපදවන ලද “කොව්ඉරාන් බරකත්” නැමැති කොවිඩ් මර්දන එන්නත, බ්‍රිතාන්‍යයේ පැතිර යන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයට එරෙහිව සාර්ථක ප්‍රථිඵල පෙන්නුම් කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත .
ඒ අනුව එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ, එන්නත අත්හදා බැලීම සඳහා එන්නත්කරණයට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයින්ගේ රුධිර සාම්පල පරීක්ෂාවෙන් එය තහවුරු වී ඇති බවය.
මීට පෙර බ්‍රිතාන්‍යයේ නිපදවූ නොවාවැක්ස් එන්නත ද කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයට එරෙහිව සාර්ථක ප්‍රථිඵල පෙන්නුම් කර ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණ කර ඇත .