නවතම පුවත්

බාබඩෝස් රැජිණගෙන් ගිලිහෙයි

Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමූහයට අයත් බාබඩෝස් රාජ්‍යය බ්‍රිතාන්‍ය කිරීටයේ පාලනයෙන් මිදී ජනරජයක් බවට පත්ව තිබේ. බාබෙඩෝස් දූපතට පළමුවෙන් බ්‍රිතාන්‍ය වෙළෙඳ නැව් පැමිණ ඇත්තේ තම පාලනයට නතු කරගනු ලැබුවේ මීට වසර 400කට පමණ පෙර සිටය.

එරට රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයෙක් පත්කර ගැනීමට කටයුතු  කළ අතර එරට පළමු ජනාධිපති ලෙස සැන්ද්‍රා මේසන් ව තෝරා පත්කර ගැනුණි.

ඒ අනුව බාබඩෝස් ජනරජය බ්‍රිතාන්‍ය රැජින තම නායිකාව ලෙස සැලකීම තවදුරටත් සිදුනොවනු ඇත.

මධ්‍යම රාත්‍රී 12 කණිසම එළඹීමත් සමගම එරට අගනගරය වන බ්‍රිජ්ටවුන් හි චැම්බලේන් පාලම මත සිටින දහස් ගණනක ජනතාව ප්‍රීති ඝෝෂා කරමින් නව  උපත සැමරීය.

“වීරයින්ගේ චතුරශ්‍රයේදී” එරට ජාතික ගීය ගායනා කරමින් එම අභිමානවත් මොහොත සැමරීමට තවත් විශාල පිරිසක් එක්ව සිටියහ.

බාබෙඩෝස් රාජ්‍යයේ 300,000ක පමණ ජනතාවක් වෙසෙන අතර එක්සත් රාජධානියෙන් 1966දී නිදහස ලැබීය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි