බාලවයස්කාරයන් ලක්ෂයක් මතට ගොදුරු වෙලා

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාව පුරා අවුරුදු 18 ට අඩු දරුවන් එක් ලක්ෂ පහළොස්දහසකට ආසන්න පිරිසක් හෙරොයින්, ගංජා, දුම්වැටි, මධ්‍යසාර ඇතුළු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී ඇති බව සමීක්ෂණයකින් හෙළිවී ඇත.

, මත්ද්‍රව්‍ය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකාය, අන්තරායකර ජාතික ඖෂධ පාලක මණ්ඩලය හා පොලීසිය ඒකාබද්ධව සිදු කළ සමීක්ෂණයකින් මේ බව හෙළි වී ඇත .

මේ අතර දිවයින පුරා පුද්ගලයින් ලක්ෂයකට ආසන්න පිරිසක් හෙරොයින්වලට ඇබ්බැහිවී ඇති බව එම සමීක්ෂණයෙන් අනාවරණ වූ බව ද සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත .

තුන් ලක්ෂයකට අධික පිරිසක් ගංජා භාවිත කරන බව ද මෙම වාර්තාවේ දැක්වේ.

සිදු කරන ලද සමීක්ෂණයට අනුව පුද්ගලයින් 24,211 ක් විවිධ වර්ගයේ මත්පෙති භාවිතයට පෙළඹි ඇති අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් වැඩිම පිරිසක් සිටිනනේ බස්නාහිර පළාතේ බවටද සමීක්ෂණ වාර්තාවේ සඳහන් වේ.

ලංකාවේ මුළු පාසල් සිසුන් සංඛ්‍යාව 4412695කි.

එසේ ගත්විට 18 අඩු ළමුන්ගෙන් සියයට දෙකක් පමණ මත්ද්‍රවය භාවිතා කරන බවට හෙළිවී ඇත.