නවතම පුවත්

බැක්ටීරියා ඇතැයි තහවුරුවුනොත් පොහොර තොගය ගෙන්වාගන්නවා – චීන සමාගම

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ආන්දෝලනයට ලක්ව ඇති චීන පොහොර තොගය අයත් සමාගම විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන්ව තිබෙන්නේ ගිවිසුම්ගත වූ පරිදි පොහොර තොගය බාර ගැනීම වැළැක්වීම සඳහා ගැණුම්කරු විසින් කෘත්‍රිම බාධාවක් නිර්මාණය කර ඇති බවට සැක සිතෙන බවයි.

මෙම පොහොර තොගය සඳහා සැප්තැම්බර් මස 17 වැනිදා ණයවර ලිපි නිකුත් කළ බවත් ඒ අනුව සැප්තැම්බර් මස 13 වැනිදා නැව්ගත කළ බවත් සමාගම පවසනවා.
පොහොරවල අහිතකර බැක්ටීරියා තිබෙන බවට සාම්පල තුනකින් තහවුරු කර ඇති නමුත් එම පරීක්ෂණ තුනම සිදුකර තිබෙන්නේ ගැණුම්කරුගේ පාර්ශ්වය විසින් බවද නිවේදනයේ සඳහන් වේ. පිළිගත හැකි තෙවැනි පාර්ශ්වයක් මගින් සිදු කරන පරීක්ෂණයක් සිදුකළ යුතු බවට තම සමාගම යෝජනා කළේ ඒ අනුව බවද නිවේදනයේ සඳහන් කර තිබේ.

පිළිගත් තෙවැනි පාර්ශ්වයක් විසින් සිදු කරන පරීක්ෂණයකදී පොහොර තොගයේ අහිතකර බැක්ටීරියා ඇති බවට තහවුරු වුවහොත් ගිවිසුම අවසන් කරමින් පොහොර තොගය නැවත ගෙන්වා ගැනීමට කටයුතු කරන බව පෙන්වා දෙන චීන සමාගම පවසන්නේ බැක්ටීරියා නොමැති බවට තහවුරු වුවහොත් කොන්දේසි විරහිතව පොහොර තොගය බාර ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළයුතු බවයි.

මෙම අර්බුදය විසඳා ගැනීමට නොහැකි වුවහොත් එය ශ්‍රී ලංකා රජයේ ප්‍රසම්පාදන කීර්තිනාමයටද අහිතකර ලෙස බලපෑ හැකි බව සමාගම පෙන්වා දෙනවා. එසේම එය ඉදිරියේදී චීන සමාගම් සමග ගනුදෙනු කිරීමේදී අවදානමක් ගෙනදිය හැකි කරුණක් බවද අදාල නිවේදනයේ සඳහන් වේ

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි