බැටික්ලෝ කැම්පස් එකට හිස්බුල්ලාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස කථානායකට වාර්තාවක්

Picture of අසංක

අසංක

මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය ලියාපදිංචි කිරීමේ දී එම් ඒ එල් එම් හිස්බුල්ලා මහතා ක‍්‍රියාකර ඇති ආකාරය නීති විරෝධී බව දක්වමින් ඔහුට විරුද්ධව නීතිමය පියවර ගැනීම සදහා අධ්‍යාපනය හා මානව සම්පත් පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිර්දේශ කර ඇත.

එම සභා වාර්තාව කථානායකවරයා වෙත භාරදුන් බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

හිස්බුල්ලා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස සිටිමින් ඔහු රජය සමග ගිවිසුම් අස්සන් කර ඇතැයි ද 2013 සහ 2016 දී එවකට පැවැති ආණ්ඩු සමග ඔහු ගිවිසුම් අස්සන් කර ඇති අතර ඒවා සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව අධ්‍යාපනය හා මානව සම්පත් පිළිබද ආංශික කාරක සභාව නිරික්ෂණය කර ඇත.

මේ තත්ත්වය යටතේ ඔහුගේ මන්ත‍්‍රීධුරය අතීතයට බලපාන පරිදි අහෝසි කළ යුතුයැයි එම කාරක සභාව නිර්දේශ කර ඇතැ..