නවතම පුවත්

බැඳුම්කර චෝදනා සම්බන්ධ පරික්ෂණ කඩිනම් කරන්න – ජනපති

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බැඳුම්කර චෝදනා සම්බන්ධ පරික්ෂණ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා  අදාළ අංශවලට උපදෙස් දෙයි. ඉතා කඩිනමින් අදාළ පරික්ෂණ කටයුතු ඉදිරියට කි‍්‍රයාත්මක කර වැරදිකරුවන්ට එරෙහිව පියවර ගන්නා ලෙස වැඩිදුරටත් උපදෙස් දුන් ජනාධිපතිතුමා කියාසිටියේ පරීක්ෂණ පමාවීම යුක්තිය ඉටුවීමට බාධාවක් බවයි.

බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශන සභාවේ සාමාජිකයන් ඇතුළු  නිලධාරින් සමඟ අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ජාවකදි ජනාධිපතිතුමා මේ බව කියාසිටියේ ය.මේ වනවිට අන්තර්කාලීන වාර්තා 04 ක් ලැබී තිබෙන බවත්, මෙම දෙසැම්බර් මාසය වනවිට ඉතිරි වාර්තා ද ඉදිරිපත් කළ හැකි බවත් මෙහිදී  අනාවරණය කෙරිණි.

මුදල් විශුද්ධිකරණය සම්බන්ධව බැංකුවලින් වසර 05ක ලේඛන ඉල්ලා සිටියද තවමත් එම වාර්තා ලැබි නොමැති බැවින් පරික්ෂණ කටයුතු ඉදිරියට සිදුකිරීමේදී අපහසුතාවයක් මතුව තිබෙන බවද නිලධාරිහු පෙන්වා දුන්හ.මෙම වංචාවට අදාළ චූදිතයන්ට දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ අපරාධමය වරදක් ලෙස චෝදනා ඉදිරිපත් කර තිබෙන බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අදාළ සාක්ෂි දිවුරුම් ප‍්‍රකාශ මගින් මෙම දෙසැම්බර් මාසයට පෙර ඉදිරිපත් කරන බවද සඳහන් කෙරිණි.මෙම පරික්ෂණ කටයුතු කඩිනම් කිරීම වෙනුවෙන් තම පාර්ශ්වයෙන් ලැබිය යුතු සෑම සහයක්ම ලබාදෙන බව ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා