නවතම පුවත්

බැසිල්ගේ ටර්මිනේටර් කථාවට අගමැතිගෙන් සැර පිලිතුරක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බැසිල් රාජපක්ෂ මහතාගේ රටට අවැසි ටරමිනේර් වරයෙකු වැනි නායකයකු බව කළ ප‍්‍රකාශයට අගමැතිවරයාගෙන් සැර පිළිතුරක් ලබා දී තිබෙනවා

ඒ රටට අවැසි වන්නේ ටරමිනේටර වරයකු නොව රටේ ජනතාවගේ සුරක්ෂිත කරන්නෙකු බවයි.   අද (09) දින අරලියගහ මන්දිරයේදී කොළඹ, කුරුණෑගල සහ ගාල්ල දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින්ගේ හමුවක් අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තව දුරටත් පැවසූයේ ගතවූ වසර කිහිපය තුල ආණ්ඩුව විවිධ අපහසුතා මධ්‍යයේ
ගොඩනැගූ සංවර්ධනයත් රටත්, විනාශ කරන කම්මුතුකරුවෙකුට රට
බාර නොදී රටත්, ඔබේ අනාගතයත් ආරක්ෂා කරගන්නා ලෙස තමන්
සියලූ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව ය.
ඉහත දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින්ගේ
මැදිහත්වීමෙන් සිදුකර තිබෙන සංවර්ධන කටයුතු හා ඉදිරි පියවර පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම සඳහා මෙම හමුව කැඳවා තිබිණි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා
මෙසේ ද කීය. පසුගිය වසර කිහිපය තුල රටේ විශාල සංවර්ධනයක් සිදුකිරීමට අපේ ආණ්ඩුවට හැකි වුණා. නව යුගයක් කරා රට ගෙන යාම අපේ අරමුණයි.
අද රටට හොඳ පිළිගැනීමක් තිබෙනවා. අප සිදුකළ මෙම වැඩකටයුතු
වලින් රටට අනාගතයක් තිබෙනවා නම් ඔබට අනාගතයක් තිබෙනවා
නම් රටේ අනාගතය ආරක්ෂා කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා.
පොදුජන පෙරමුණ පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන ජනාධිපති
අපේක්ෂකයා ටර්මිනේටර්වරයෙක් හෙවත් කම්මුතු කරන්නෙක් බව
බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශ කර තිබෙනවා.
එවැනි කම්මුතු කරන්නෙකු බලයට පැමිණියොත් ආර්ථිකය කම්මුතුයි.
සංවර්ධනය කම්මුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය කම්මුතුයි. මාධ්‍ය නිදහස
කම්මුතුයි. ස්වාධීන අධිකරණය කම්මුතුයි. නිදහස් අධ්‍යාපනය කම්මුතුයි.
නගර දියුණුව කම්මුතුයි, සෞඛ්‍ය ක්ෂේත්‍රය කම්මුතුයි. එහෙම නම් රට

බාරදෙන්නේ මෙවැනි කම්මුතු කරන්නෙක්ට ද කියා මා ජනතාවගෙන්
විමසා සිටිනවා.
අද පොහොට්ටු පක්ෂයට මාධ්‍යයෙන් විශාල සහයෝගයක් ලබා දෙනවා.
නමුත් මා මාධ්‍යයෙන් විමසා සිටින්නේ මාධ්‍ය නිදහස කම්මුතු
කරන්නෙකුට රට භාර දෙනවාද කියායි. මට මාධ්‍යයෙන් බණින
ආකාරයට කම්මුතුකාරයෙකුට බැනිය හැකිද? එහෙම වුනොත් ඔබට අද
ලබාදී තිබෙන නිදහස කුමක් වේද? ඔබේ ජීවිතය හා මේ රටේ
අනාගතය ඔබ කම්මුතු කරනවාද?
කම්මුතුකරුවෙකුට රට භාර දෙන්නේ නැතුව රටත් ඔබේ අනාගතයත්
ආරක්ෂා කිරීම වෙනුවෙන් ක්‍රියාකරන ලෙස මා ඔබ සියලූ දෙනාගෙන්
ඉල්ලා සිටිනවා.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි