ජයන්ත කැටගොඩ මහතා ඉවත්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත භාරදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කර ඇත
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ඇතුළු කණ්ඩායමක් මැතිවරණ කොමිසම වෙත පැමිණ එම ඉල්ලීම භාර දී තිබෙන අතර එළෙඹෙන 08 වැනිදා බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙන අබව කාරියවසම් මහතා මාධ්‍ය වෙත පවසා ඇත.
හෙට දිනයේදී මැතිවරණ කොමිසම රැස්වී බැසිල් රාජපක්ෂ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් කිරීමට නියමිතය.
බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ජයන්ත කැටගොඩ මහතා අද සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වූ අතර බැසිල් රාජපක්ෂ මහතාගේ නාම යෝජනාව දීමට ඔහුද මැතිවරණ කොමිසම වෙත පැමිණ සිටියේය.