නවතම පුවත්

චීන-ලංකා මිතුදමට මහබැංකුවෙන් රුපියල් 1000 සමරු කාසියක් නිකුත් කෙරේ

අසංක

අසංක

ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 65 වන සංවත්සරය නිමිත්තෙන් සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වැනි සංවත්සරය වෙනුවෙන් රුපියල් 1,000 සමරු කාසියක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබේ.

මහබැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද (06) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිළිගන්වා තිබේ.

දෙරට අතර දිගු මිත්‍රත්වය හා අනොන්‍ය සබඳතාවට විශේෂ ගෞරවයක්‌ ලෙස මෙම සමරු කාසිය නිකුත්‌ කෙරිණ.

කාසියේ එක්‌ පසෙක ශ්‍රී ලංකාවේ හා චීනයේ ජාතික ධජ සමගින්‌ නෙළුම්‌ පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ ඉදිරිපස පෙනුම කාසිය මධ්‍යයේ දැක්වේ. එහි 2022 යන්න රඟහලට පහළින්‌ විශාල ඉලක්කමින්‌ දක්වා ඇත. කාසියේ පරිදියේ ඉංග්‍රීසි, සිංහල හා දෙමළ භාෂාවලින්‌ “ශ්‍රී ලංකාව – චීනය වසර 65යි” යනුවෙන්‌ සටහන්‌ කර ඇත.

කාසියේ අනෙක්‌ පස රුපියල්‌ දහස සහ “චීන කොමියුනිස්ට්‌ පක්ෂය” යනුවෙන්‌ භාෂාත්‍රයෙන්‌ සඳහන්‌ වේ. රන්‌ සමරු කාසි 500ක්‌ සහ රිදි සමරු කාසි 2000ක්‌ නිකුත්‌ කළ බව මහ බැංකුව නිවේදනය කරයි.

මීට පෙර ද මහ බැංකුව විසින් ශ්‍රී ලංකා-ජපාන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයට හැට වසරක් පිරීම නිමිත්තෙන් රුපියල් 1000 සමරු කාසියක් නිකුත් කර තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්