නවතම පුවත්

බැසිල්ගේ ප්‍රකාශය , මධ්‍යසාර භාවිතය වක්‍රාකාරව ප්‍රවර්ධනය කිරීමක් ! – CCT

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්‍යයන්ට අදාලව මෙරට  මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂමහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී කල ප්‍රකාශයට දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රය (CCT)  තම බලවත් විරෝධය පළකර සිටී .

බැසිල් රාජපක්ෂ මහතා සිදුකල මෙම ප්‍රකාශය , සුරාබදු ආඥා පනත මඟින් ප‍්‍රකාශිත දෙපාර්තමේන්තුවේ කාර්යයන් වැරදි ලෙස අර්ථකථනය කිරීමක් වන අතරම වක‍්‍රාකාරව මද්‍යසාර භාවිතය ”සෞඛ්‍ය හිතකර නිෂ්පාදනයක්” ලෙස ප‍්‍රවර්ධනය කිරීමක් වන බවද නිවේදනයක් නිකුත් කරමින් .ශ‍්‍රී ලංකාවේ සහ දකුණු ආසියානු කලාපයේ දුම්කොළ කරමාන්ත නිරීක්ෂණාගාරය වන කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයට අනුබද්ධ ,  දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රය අවධාරණය කර ඇත .

එම නිවේදනය පහත දැක්වේ .-

සුරාබදු දෙපාර්තමේන්තුව, 1912 අංක 08 දරණ සුරාබදු ආඥා පනත යටතේ සුරාබදු ආදායම් එකතු කිරීම, සුරාබදු අපරාධ හෙළි කිරීම, දුම්කොළ අපරාධ හෙළි කිරීම, මත්ද්‍රව්‍ය අපරාධ හෙළි කිරීම සහ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම යන ප‍්‍රධාන කාර්යයන් සමඟ පිහිටුවන ලදී. එය, දුම්කොළ සහ මද්‍යසාර නිෂ්පාදන මගින් වන හානිවලින් ශ‍්‍රී ලාංකික පුරවැසියන් ආරක්ෂා කිරීම හා දුම්කොළ සහ මද්‍යසාර පාලනයට සම්බන්ධ නියාමන සහ නීති ක‍්‍රියාත්මක කරන ප‍්‍රධාන රාජ්‍ය ආයතනයන්ගෙන් එකකි.

දුම්කොළ සහ මද්‍යසාර එක්ව වසරකට ශ‍්‍රී ලාංකිකයින් 33,000 ක් පමණ අකාලයේ මරණයට පත් කරන අතර එමඟින් පුද්ගල, ගෘහස්ත, ප‍්‍රජා සහ ජාතික මට්ටමින් පුළුල් පරාසයක පුද්ගල, සමාජයීය හා ආර්ථිකමය අහිතකර බලපෑම් ඇති කරයි. එම නිසා,මෙම හානිවල වාහකයා වන දුම්කොළ හා මද්‍යසාර කර්මාන්ත ජනතාවගේ යහපත පිණිස සහ ජනතාව නියෝජනය කරන රජයේ යහපත පිණිස අධීක්ෂණය කිරීම හා නියාමනය කිරීම කළ යුතුය. මෙම වාණිජ කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම හෝ ඔවුන්ගේ අවශ්‍යතා මත ක‍්‍රියා කිරීම සුරාබදු දෙපාර්තමේන්තුවේ හෝ මුදල් අමාත්‍යාංශයේ කාර්යයක් හෝ වගකීමක් නොවන බව නිසැකවම සඳහන් කිරීම වැදගත්ය.

2021 සැප්තැම්බර් 7 දින ගරු බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ”සෞඛ්‍යයට හිතකර මත්ද්‍රව්‍ය මහජනයාට ලබා දීමට කටයුතු කිරීම” සුරාබදු දෙපාර්තමේන්තුවේ එක් කාර්යයක් ලෙස පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශයක් සිදු කරන ලදී. මෙය සුරාබදු ආඥා පනත මඟින් ප‍්‍රකාශිත දෙපාර්තමේන්තුවේ කාර්යයන් වැරදි ලෙස අර්ථකථනය කිරීමක් වන අතරම වක‍්‍රාකාරව මද්‍යසාර භාවිතය ”සෞඛ්‍ය හිතකර නිෂ්පාදනයක්” ලෙස ප‍්‍රවර්ධනය කිරීමකි. දුම්කොළ හා මද්‍යසාර ඇතුළු කිසිදු මත්ද්‍රව්‍යයක් සෞඛ්‍යයට හිතකර නොවන අතර එය කවුරුත් දන්නා විද්‍යාත්මක කරුණකි. රටේ ඉහළම ව්‍යවස්ථාදායක ආයතනය වන පාර්ලිමේන්තුවේ දී ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු සහ ප‍්‍රධාන අමාත්‍යවරයෙකු එවැනි ප‍්‍රකාශයක් සිදු කිරීම සත්‍ය වශයෙන් ම අවාසනාවන්ත ය.

මෙම නොමඟ යවන සුළු ප‍්‍රකාශය සුරාබදු ආඥා පනතේ මූලික කරුණු හා සාරය උල්ලංඝනය කරන අතරම ශ‍්‍රී ලාංකික පුරවැසියන්ගේ යහපැවැත්මට දැඩි හානි පමුණුවන කර්මාන්තයක් වන මද්‍යසාර කර්මාන්තයේ ප‍්‍රතිරූපය ද ප‍්‍රවර්ධනය කරයි. එම නිසා, අනාගතයේ මෙවැනි ප‍්‍රකාශ වඩාත් අවධානයෙන් සිදු කරන ලෙස ශ‍්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සහ දුම්කොළ, මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය පාලනයේ පාර්ශ්වකරුවන් ලෙස අපි, ශ‍්‍රී ලංකා රජයට ආයාචනා කරමු.

මද්‍යසාර බද්ද තීරණය කිරීමේ දී අවම වශයෙන් මද්‍යසාර වලින් ඇති කරන සමාජ ආර්ථික හා සෞඛ්‍ය පිරිවැය පියවා ගැනීම අරමුණු කර ගත් විද්‍යාත්මක සාක්ෂි පදනම් කරගත් තාර්කික බදු ප‍්‍රතිපත්තියක් භාවිතා කරන ලෙස අපි රජයයෙන් තවදුරටත් ඉල්ලා සිටිමු. බදු වැඩි කිරීම සහ එමගින් මද්‍යසාර මිලට ගැනීමේ හැකියාව අවම කිරීම, මද්‍යසාර භාවිතය පාලනය කිරීමේ ප‍්‍රබල හා ඵලදායී උපාය මාර්ගයක් වේ. ශ‍්‍රී ලංකාවේ විශාල වශයෙන් ප‍්‍රයෝජනයට නොගන්නා මෙය කෙටිකාලීන හා මධ්‍ය කාලීනව රජයේ ආදායම වැඩි කරන ජයග‍්‍රාහී උපක‍්‍රමයක් ද වේ.

මේ අනුව, පුරවැසියන්, ඔවුන්ගේ සෞඛ්‍යය හා රටෙහි ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා විද්‍යාත්මක හා තාර්කික ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමේ රජයේ වගකීම යටතේ, මෙම ප‍්‍රකාශය නිවැරදි කරන ලෙස අපි රජයයෙන් සහ ගරු අමාත්‍යවරයාගෙන් තරයේ ඉල්ලා සිටිමු. රජයේ බදු ආදායම ඉහළ නැංවීම සහ මද්‍යසාර ආශ‍්‍රිත සෞඛ්‍ය සේවා පිරිවැය අඩු කිරීම යන ද්විත්ව ප‍්‍රතිලාභ සහිත විද්‍යාත්මක සුරා බදු ක‍්‍රමයක් ශ‍්‍රී ලංකාවේ මද්‍යසාර භාවිතය පාලනය කිරීම සඳහා කි‍්‍රයාත්මක කරන ලෙස අපි තරයේ ඉල්ලා සිටිමු.
දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රය
ශ‍්‍රී ලංකාවේ සහ දකුණු ආසියානු කලාපයේ දුම්කොළ කරමාන්ත නිරීක්ෂණාගාරය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්