නවතම පුවත්

බැසිල් රාජපක්‍ෂ තනතුරෙන් ඉවතට ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට එම ධූරයෙන් ඉවත් වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිය නියෝජිතයින් දෙදෙනෙකු මගින් දැනුම් දී ඇති බව වාර්තාවේ.

බැසිල් රාජපක්ෂ වෙත ගොස් ඒ බව දැනුම් දී ඇත්තේ ශමීන්ද්‍ර රාජපක්ෂ සහ මාලක චන්ද්‍රදාස විසින් බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් බැසිල් රාජපක්ෂ ඊට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ තමන් මුදල් අමාත්‍යධූරයෙන් ඉවත් නොවන බවයි. ඒ අනුව බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්නොවන බැවින් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන බවට අදාළ ලිපිය සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.

එය ජනාධිපතිවරයා වෙත අද දිනයේදී භාරදීමටයි අග්‍රාමාත්‍යවරයා සූදානම්ව සිට ඇත්තේ. කෙසේවෙතත් බැසිල් රාජපක්ෂ තීරණය කර ඇත්තේ මුදල් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමටයි.

මේ අතර රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ද සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු පැවසුවේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාරදීමට සූදානමින් සිටින බවයි.

මේ අතර අද රාත්‍රියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව ඇතැයි වාර්තා වනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ආරාධනයකට අනුව අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ටිරාන් අලස් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊයේ ජනාධිපතිවරයා හමුවී තිබෙනවා.

මේ අතර අද දිනයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද හමුවී පවතින තත්ත්වයට මුහුණදීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මාධ්‍ය හමුවේ සඳහන් කළේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්