නවතම පුවත්

බැසිල් වේදිකාවේ තියාගෙන මෛත්‍රී කියපු කතාව

අසංක

අසංක

”මේ අවුරුද්දෙ අනිවාර්යෙන්ම අලුත් ආණ්ඩුවක් හැදෙනවා. පුළුල් සන්ධානයක් පිහිටුවන්නෙ නැතිව ජනතා ජයග්‍රණය අපට ලබන්න පුළුවන් යැයි මම හිතන්නෙ නැහැ. ඒ සදහා අප සකස් වෙනවද කියන කාරණාව අප සෑම කෙනෙක්ම තම තමන්ගේ හෘද සාක්ෂිය තුළ ඇසිය යුතු කාරණාවක්.” යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

මහජන එක්සත් පෙරමුණේ 22 වැනි ජාතික මහා සම්මේලනය කොළඹ නව නගර ශාලාවේදී අද උදෑසන පැවැති අවස්ථාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සදහන් කළේය.

උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පිළිගෙන උත්සව සභාවට කැදවාගෙන ආ අතර, ඒ වනවිට හිටපු ජනාධිපති හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා උත්සව සභාවේ අසුන්ගෙන සිටියහ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීවේය.

”අලුත් ආණ්ඩුවකට අලුත් වැඩපිළිවෙලක් කියන දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ යෝජනාව ඒ ආකාරයෙන්ම සිදුවිය යුතුයි. මමත් එයට සහයෝගය දෙනවා. මම ඒ යෝජනාව ස්ථිර කරනාවයි කියන එක ප්‍රකාශ කරන්න ඕන. මේ රටේ අන්ත දක්ෂිණාංශික දේශපාලනය ඉතිහාසයේ කිසිම දවසක සන්ධානයකින් තොරව පරද්දලා නැහැ. ඒ නිසා අපේ දේශපාලන අනත්‍යතාව අප පස්සට අරන් තියෙනවා රට වෙනුවෙන් තීරණාත්මක අවස්ථාවලදි පමණයි. ඊට මුහුණ දෙන්න නම් පුළුල් දේශපාලන සන්ධානයක් අවශ්‍යයි. එවැනි සන්ධානයක් පිහිටුවන්නෙ නැතිව ජනතා ජයග්‍රහණය අපට ලබන්න පුළුවන් යැයි මම හිතන්නෙ නැහැ.

මේ අවුරුද්ද මැතිවරණ වර්ෂයක්. ඒක රහසක් නොවෙයි. මේ අවුරුද්දෙ ස්ථිරවම අලුත් ආණ්ඩුවක් හැදෙනවා. ඒ ආණ්ඩුව අන්ත දක්ෂිණාංශික දේශපාලන බලවේගයකට දෙනවද මේ රටට ආදරය කරන රටේ ප්‍රශ්න හදුනාගෙන හෙට දවස වෙනුවෙන් මේ රටට සුදුසු අලුත් ආණ්ඩුවක් හදන්න ඒ සදහා අප සකස් වෙනවද කියන කාරණාව අප සෑම කෙනෙක්ම තම තමන්ගේ හෘද සාක්ෂිය තුළ ඇසිය යුතු කාරණාවක් බවට පත්වෙලා තියෙනවා.

හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අපි ගත්ත ණයවලට අපි යම් දෙයක් කරලා තියෙනවා. අපට පෙන්නන්න පුළුවන් ඒවා ඇහැට පේනවා. මේ ආණ්ඩුව අපි වගේ දෙගුණයක් අරගෙන තියෙන වෙලාවේ අපි ඇහුවම මොනවද කරලා තියෙන්නෙ කියලා, ඔවුන්ට මොකුත් පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ඒ කළමණාකරනය හරිහැටි නොකරපු හින්දා තමයි. මේ දුෂණ නවත්වන්න ඇවිත් බැරිම තැන තමයි ජනාධිපතිවරයා අද සටනක නිරත වෙලා ඉන්නෙ කියලා මම මතක් කරන්න කැමැතියි”යැයි පැවැසීය.

හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,

”මාස තුනකට පෙර මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා එජාප ආණ්ඩුව ගෙදර යවලා ඒ ගිවිසුම අවසන් වීම නිසා රටේ ජනවරම තියෙන මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය බාර කළා. අනතුරුව පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීමට පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවා. එය හරිද වැරදිද කියලා මේ නීති පොතේ එක එක පේලි එක එක පිටු එකිනෙකට වෙනස් කරලා දැන් එකිනෙකට ආණ්ඩු ක්‍රමේ වෙන්කරලා ඉවරයි. ඒ තීරණය කුමක් වුවද අපි එයට ගරු කරනවා. එහි උත්සාහය වුණේ මහජනයට අලුත් පාර්ලිමේන්තුවක් ලබා දීමයි. එදා ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා ඡන්ද කල් දැම්මම ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව කියලා ජාත්‍යන්තරයේ කිව්වා. දැන් අපේ ජනාධිපතිතුමා ඡන්දයක් පවත්වන්න ගියාම ඒකලු ලොකුම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාව. එජාප නාඩගම අප අවසන් කළ යුතු’යි” යැයි අවධාරණය කළේය.

රමේෂ් වරල්ලෙගම

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්