ඉදිරි උත්සව සමය වෙනුවෙන් මිල පාලනය සදහා කුකුල් මස් සහ බිත්තර ආනයනය කිරීමට ජීවන වියදම් කමිටුවේදී ගෙන ඇති තීරණය අත්හිටුවීමට රජය පියවර ගෙන ඇත..
කුකුල් මස් සහ බිත්තර හිගයකින් තොරව වෙළද පොල වෙත සැපයීමට එම නිෂ්පාදකයන් එකගතාව පළ කිරීම හේතුවෙන් රජය මෙම තීරණය ගෙන ඇත.
අමාත්‍ය පී. හැරිසන්ගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡවකදී, කුකුල් මස් කිලෝවක් රුපියල් 450 කට සහ බිත්තරයක් රුපියල් 17 ක මිලකට අඛණ්ඩව සැපයීමට එම නිෂ්පාදකයන් එකගතාව පළ කර ඇත.