මේ වනවිට රට තුල බිත්තර මාෆියාවක් ක්‍රියාත්මක වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය චෝදනා කර සිටී .
මෙම මාෆියාව , කිසිඳු සාධාරණ හේතුවකින් තොරව බිත්තරයක් රුපියල් 22ක මිලක් යටතේ අලෙවි කිරීම හේතුවෙන් බේකරි නිෂ්පාදකයන් ගැටලූ රැසකට මුහුණ පා ඇති බවද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය මාධ්‍ය වෙත පැවසීය.
මේ අනුව බිත්තර ආනයනය සඳහා බේකරි නිෂ්පාදකයන් රජයෙන් අවසර ඉල්ලා ඇති අතර බිත්තර මාෆියාව වැළැක්වීමට බලධාරීන් පියවර නොගතහොත් බේකරි නිෂ්පාදන මිල ගණන් වැඩි කිරීමට ද ඉදිරියේදී සිදුවන බව එම සංගමය සඳහන් කර ඇත.