නවතම පුවත්

බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුවක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(දම්පත් රණසිංහ )

පවතින අයහපත් ආර්ථික වාතාවරණය හේතුවෙන් මහජනතාවට මුහුණ පෑමට සිදුව ඇති පීඩාවන් හැකි පමණ අවම කිරීම සඳහාත් අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමටත් අවශ්‍ය අරමුදල් සලසා ගැනීමට පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනය මෙසේය.

පවතින අයහපත් ආර්ථික වාතාවරණය හේතුවෙන් මහජනතාවට මුහුණ පෑමට සිදුව ඇති පීඩාවන් හැකි පමණ අවම කිරීම සඳහා සමෘද්ධිලාභීන්ට, වතු ජනතාවට, විශ්‍රාමිකයින්ට හා රජයේ සේවකයින්ට 2022 වර්ෂය ආරම්භයේදී රජය විසින් සහන පැකේජයක් හඳුන්වා දෙන ලදී.

ඒ සඳහා වන වියදම් දැරීමට මෙන්ම අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව තවදුරටත් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස පාර්ලිමේන්තුව වෙත පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව, රුපියල් බිලියන 695ක ප්‍රතිපාදන ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ “අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම්” ව්‍යාපෘතිය යටතේ සලසා ගැනීම සඳහා පාර්ලිමේන්තුව වෙත පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්