නවතම පුවත්

බීමතින් පිස්සු නැටූ පොහොට්ටු මන්ත්‍රීව ගම්මුන් කණුවක බැඳලා

Roshan

Roshan

දම්පත් රණසිංහ

මත්පැන් පානය කර අශෝභන ලෙස හැසිරෙමින් ජනතාවට හිරිහැරයක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් කළුතර ගල්පාත බහුරුපොල ප්‍රදේශයේදී ජනතාව විදුලි කණුවක බැද පෙරේදා (21) පොලීසියට භාරදී තිබේ.

ගස්බැද පොලීසියට භාරදී ඇත්තේ පානදුර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයෙකි. එම මන්ත්‍රීවරයා සුළු පක්ෂයක් නියෝජනයක කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟකර මන්ත්‍රීවරයෙක් වූ අයෙක් බව පොලීසිය සඳහන් කරයි.

මෙම මන්ත්‍රීවරයා තවත් පිරිසක් සමඟ ගල්පාතට පැමිණ මත්පැන් පානය කර පසුව මිතුරන්ගෙන් වෙන්ව සූදුපොලට ගොස් අශෝභන ලෙස හැසිරී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මොහුගේ හැසිරීම ප්‍රදේශවාසීන්ට මහත් හිරිහැරයක් වු තැන ඔහුව විදුලි කණුවේ ගැටගසා ඒ බව පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී තිබේ. ඒ අනුව පොලීසිය එහි පැමිණ මන්ත්‍රීවරයාව සිය භාරයට ගෙන නාගොඩ රෝහලට රැගෙනගොස් වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කළ බවත් එහිදී ඔහු බීමත්ව සිටි බව තහවුරු වූ බවත් කළුතර කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්