බී බී සී , අල්ජසීරා, මෙරටට එරෙහි කුමන්ත්‍රණයක ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව ආහාර අර්බුදයකට මුහුණ දී සිටින්නේ  යැයි බීබීසී අල්ජසීරා ඇති වැනි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කිරීම, මෙරටට එරෙහි  කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව  කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේ දී ඔහු කියා සිටියේ මෙරට තුළ එවන් කිසිදු ආහාර අර්බුදයක් නොමැති බවයි.

අද රට තුළ ඇත්තේ ආහාර අර්බුදයක් නොව මාෆියාවක් යයිද පැවසූ අමාත්‍යවරයා එම තව මාෆියාව පාලනය කිරීමට ජනාධිපතිගේ උපදෙස් මත විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් හදිසි නීතිය පැනවූයේ ඒ සඳහා බවත් පැවසීය.

හදිසි නීතිය පැනවීම අලුත් දෙයක් නොවන බවද පැවසූ ඔහු යහපාලන ආණ්ඩුව සමයේ කොළොන්නාව කුණු කන්ද කඩා වැටුණු අවස්ථාවේදී ද හදිසි නීතිය පැනවූ බව පෙන්වා දුන්නේය.