නවතම පුවත්

රනිල්ගේ ” සතරවරම්” යෝජනාව !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එක්සත් ජාතික පක්ෂයේ 75 වැනි සංවත්සර සමරුව ඊයේ (05) උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර රට ගොඩනැඟීම සඳහා සතර වරම් ආරක්ෂාව පිළිබඳ යෝජනාව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් එහිදී ඉදිරිපත් කරනු ලැබිණි.

“රට ඉදිරියට ගෙනයාහැකි සැලසුම් ගැන කතාකිරීමට ඇති හොඳම අවස්ථාව මෙයයි. ඉතිහාසය පුරාම ආණ්ඩු මාරු වනවිට ප්‍රතිපත්ති ද මාරුවීම තුළ රටක් ලෙස අපි පරිහාණියට පත්වුණා. ජපානය, චීනය හා සිංගප්පූරුව මෙන් අප ද දීර්ඝ කාලීන නිවැරදි ප්‍රතිපත්ති මාලාවක කටයුතු කළා නම් අද අප දියුණු රටක්.

ඒ නිසා නොවෙනස් දීර්ඝ කාලීන ප්‍රතිපත්ති රාමුවක් තුළ හිඳිමින් ඉදිරියේදී රට දියුණු කිරීමට අවශ්‍ය යෝජනා අප ඉදිරිපත් කරනවා. යකඩ මෙන් ශක්තිමත් ඒ ප්‍රතිපත්ති රාමුව ආණ්ඩු මාරු වනවිට වෙනස් නොවන ලෙස නීතිමය බැඳීමකින් සවිමත් කරන බව ද කිවයුතුයි.

ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාවක් බිහි කරමින් රටට සුබදායී අනාගතයක් උදා කරන්න නම් අපි යෝජනා කරන්නේ සතර වරම් ආරක්ෂාවක්, රැකවරණයක්. පළමුව සෞඛ්‍ය ආරක්ෂාවත් රැකවරණයත්. දෙවනුව ආර්ථික ආරක්ෂාවත් රැකවරණයත්. තෙවනුව දැනුම ආරක්ෂාවත් රැකවරණයත්. සිව්වැනුව පරිසර ආරක්ෂාවත් රැකවරණයත් වශයෙන් එය නිර්වචනය කළ හැකිය.

අපේ වැඩපිළිවෙල කොටස් දෙකකින් සමන්විතයි. එකක් දීර්ඝ කාලීන වැඩපිළිවෙල තුළ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාවක් බිහිකිරීම. අනෙක කෙටිකාලීන වැඩසටහන් මගින් රටේ ආර්ථිකය ගොඩනංවමින් ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීමට අදාළ සහන ලබාදීම. එක්සත් ජාතික පාක්ෂිකයින්ට මා කියන්නේ සියලු දෙනා එකතුවෙලා ජයග්‍රහණය කරා ගමන් කරමු යනුවෙනුයි”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්