2021 වසරේ බුකර් ත්‍යාගය, දකුණු අප්‍රිකානු ජාතික නවකතාකරුවෙකු සහ නාට්‍ය රචකයකු වන ඩේමන් ගැල්ගුට් හට හිමිවී ඇත .
ඒ ඔහුගේ නව වැනි ස්වතන්ත්‍ර නව කථාව වන The promise නම් කෘතියටය .
බුකර් සම්මාන පිරිනැමීමේ උත්සවය ඉකුත් දා ලන්ඩන් නුවරදී පැවැත්විණි. මෙහි අවසන් වටය සඳහා මෙවර ශ්‍රීලාංකික ලේඛකයෙකු වූ අනුක් අරුද්ප්‍රගාසම් ගේ A passage north කෘතිය ද, රිචඩ් පවර්ස් ගේ Bewilderment කෘතිය ද, මැගී ෂිප්ස්ටීඩ් ගේ Great Circle කෘතිය ද, පැට්‍රීෂියා ලොක්වුඩ් ගේ No one is talking about this කෘතිය ද, නඩීෆා මොහොමඩ් ගේ The fortunate man කෘතිය මෙන්ම ඩේමන් ගැල්ගුට් ගේ කෘතිය ද ඇතුළත් විණි.
ඩේමන් ගැල්ගුට් බුකර් ත්‍යාගය සඳහා නිර්දේශ වන්නේ තුන්වෙනි වතාවට ය. මීට පෙර 2003 සහ 2010 යන වසරවල දී ඔහුගේ කෘති දෙකක් බුකර් ත්‍යාගයට නිර්දේශ වී තිබේ. ඒ 2003 වසරේදී The good doctor සහ 2010 වසරේදී In a strange room ලෙසය .
ඩේමන් මේ වන විට පනස් හත්වන වියේ පසුවන අතර . ඔහු සිය පළමු නවකතාව ප්‍රකාශයට පත්කර ඇත්තේ වයස අවුරුදු දහහතේ දී ය.
කෙසේ වුවද, මෙවර ත්‍යාගය දිනාගත The promise කෘතිය ඔහු ප්‍රකාශයට පත්කරන්නේ 2014 වසරේ Arctic Summer නම් කෘතියෙන් වසර හතක දීර්ග කාලයක් නිහඬව හිඳිමිනි.