නවතම පුවත්

ගමන් මල්ලෙන් හමුවූ කාන්තා සිරුර හඳුනාගැනේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

:(දම්පත් රණසිංහ) 

සපුගස්කන්දේ තෙල් පිරිපහදුව ආසන්න මාර්ගයේ කසල ගොඩක තිබුණු ගමන් මල්ලකින් හමුවූ කාන්තාවගේ සිරුර හදුනා ගැනීමට හැකියාව ලැබී ඇත.

ඇය මාළිගාවත්තේ පදිංචිකාරියකි. වයස අවුරුදු 30 ත් 35 ක් පමණ වන ඇගේ සැමියා අද පෙරවරුවේ පොලිස් මෘත ශරීරාගාරයට පැමිණ මෙම හදුනා ගැනීම කර තිබේ.

ඉකුත් 29 වෙනිදා සිය බිරිද තවත් කාන්තාවක් සමග බ්ලූමැන්ඩල් හී සිටින හිතවතියක් මුණ ගැසීමට යන බව පවසා සිය බිරිඳ නිවසින් පිටත්ව ගිය බවත් අනතුරුව ඇය ගැන තොරතුරක් නොමැති වූ තැන බ්ලූමැන්ඩල් පොලීසියට 30 වෙනිදා පැමිණිල්ලක් කළ බවත් ඇගේ සැමියා පොලීසියට පවසා ඇත.

එම පැමිණිල්ලට අනුව බ්ලූමැන්ඩල් පොලීසිය අදාල හිතවතියගේ නිවසට ගොස් පරීක්ෂාකර ඇතත් ඇය සදහන්කර ඇත්තේ එම කාන්තාව එහි නොපැමිණි බවය. ඊට පෙරනම් පැමිණ ගොස් ඇතත් එදින ඇය නොපැමිණි බවද සදහන්කර තිබේ.

ඒ අනුව පොලීසිය ඇයගේ නිවස අවට ඇති ආරක්ෂක කැමරා පරීක්ෂාකර ඇතත් එහිදී පැහැදිලිවම හෙළිවී ඇත්තේ ඇය එම නිවසට පැමිණ නැති බව යැයි බ්ලූමැන්ඩල් පොලීසියේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.

මෙම කාන්තාව සමග බ්ලූමැන්ඩල් යන බව කියා ගිය කාන්තාවද අතුරුදන්ව ඇති බව පොලීසිය කියයි.

මෙම මරණයේ අභිරහස වැඩිකල් යන්නට මත්තෙන් අනාවරණයකර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇතැයි කැලණිය කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතා සදහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්