බුද්ධි සේවා ලොක්කාගේ පැමිණිල්ලට CID විමර්ශන ඇරඹේ

Picture of Roshan

Roshan


දම්පත් රණසිංහ

රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී සුරේෂ් සලේ විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමාගේ නමද සදහන් කරමින් අසත්‍ය කරුණු සදහන් කළ බවට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබේ.

ඒ අනුව ඉදිරියේදී චෝදනාවට ලක්වන සිරිල් ගාමිණී පියතුමන් ඇතුළු කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත්තේ, අන්තර්ජාතික යුක්ති සංසඳය නැමැති සංවිධානය විසින් ඉකුත් 23 වනදා දේශීය සහ අන්තර් ජාතික ප්‍රජාව දැනුවත් කිරීම සඳහා සූම් තාක්ෂණය ඔස්සේ කරුණු පැවති කරුණු පැහැදිලි කිරීමකදී අසත්‍ය තොරතුරු ප්‍රකාශ කෙරුණු බවට සුරේෂ් සලේ මහතා පැමිණිලිකර ඇති බවය.

ඒ සම්බන්ධයෙන් ඒ මහතාගෙන් ප්‍රකාශයක් පවා සටහන්කර ගෙන ඇති බව සඳහන් වේ.