බුදුදහමට වැඩිම සේවය කලේ එජාපයයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බුදු දහමේ උන්නතිය වෙනුවෙන් වැඩිම දායකත්වය ලබා දී තිබෙන්නේ එක්සත් ජාතික පක්‍ෂය බව අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසනවා. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය

මල් වට්ටි අරන් පන්සල් ගියාට වැඩක් නෑ. අපේ අගමැතිතුමා‍ම පන්සල් 2000 ක් පිලිසකර කරලා තියනවා, එතුමා තමයි අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධියේ දෙවැනි රන් වැට හැදුවේ. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා තමයි පිරිවෙන් අධ්‍යාපනය ලබන ස්වාමින්වහන්සේලාට සිවුරු ලබා දුන්නේ. මේ ගංගාාරමේ පෙරහැර පටන් ගත්තේ ජේ.ආර්.ජයවර්ධන මහත්තයා. අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලය හැදුවේ අපේ අගමැතිතුමා.‍

රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළා.