“බුදුන් ලංකාවේ උපන් බවට සාක්‍ෂි නෑ”  – පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

 

බුදුරජාණන් වහන්සේගේ උපත ශ්‍රී ලංකාවේ සිදු බවට කිසිදු සාක්ෂියක් නොමැති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග අවධාරණය කර සිටී .

 

එවැන්නක් සිදු වු බවට ඇතැමුන් රට තුළ මිථ්‍යා මත පතුරුවා හරිමින් සිටින බවද  ඔහු  මාධ්‍ය වෙත සදහන් කර ඇත .

 

මෙවැනි මිත්‍යා මත පතුරුවා හැරීම හරහා ඇතැම් පිරිස් විවිධ පුද්ගලික වාසි අපේක්ෂාකරන බවද ඒ මහතා පැවසීය .

 

තුන් වන ලෝකයේ රටවල පුරාවස්තු ජාවාරමක් ක්‍රියාත්මක අතර ශ්‍රී ලංකාව ද ඊට නතු වී ඇති බවද  පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී පැවසීය.