නවතම පුවත්

බුර්කාව නිකාබය තහනම් කරන්න බුද්ධි අංශ ශක්තිමත් කර බලය දෙන්න – මල්වතු මහ නාහිමි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මල්වතු පාර්ශවයේ මහනායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානාහිමි රටේ බෞද්ධ ජනතාව ඇතුළු සමස්ත ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරනු පිණිස ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක කල යුතු කාර්යයන් කීපයක් රජයට දන්වා සිටි.

නිවේදනයක් නිකුත් කරමින් තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානාහිමි ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ දී සැලකිල්ලට ගත යුතු කරුණු කිහිපයක් පිළිබදව ද පෙන්වා දී තිබේ.

01.ජාතික ආරක්ෂාව වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම

02.ආගමික අනන්‍යතාවන්ට ප්‍රමුඛත්වය දෙමින් ක්‍රියාත්මක බැංකු සහ මුල්‍ය අංශයේ ක්‍රියාත්මක වන ක්‍රමවේදයන් මෙන්ම සිවිල් නීතිය අභිබවමින් ආගමික අවශ්‍යතා මත සාමාන්‍ය පොදු ජනයා කෙරෙහි ක්‍රියාත්මක වන අධිකරණ ද අහෝසි කිරීම.

03.එක් ජාතියකට පමණක් සීමා වූ අධ්‍යාපන ආයතන වෙනුවට රටේ සියලු ජාතීන්ට පොදුවේ අධ්‍යාපනය ලද හැකි අධ්‍යාපන ආයතන සහ පොදු විෂය මාලා හදුන්වාදීම.

04.මෙන්ම ආගමික මතවාදයන් මත යැපෙමින් ක්‍රියාත්මක කෙරෙන උසස් අධ්‍යාපන ආයතන තහනම් කිරීම.

05.පුද්ගල අනන්‍යතාව වසන් කෙරෙන බුර්කාව සහ නිකාබ් වැනි ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන වස්ත්‍ර තහනම් කිරීමට පියවර ගත යුතු බව.

06.දේශීය බුද්ධි අංශ වෙත බලය දෙමින් බුද්ධි අංශ ශක්තිමත් කිරීම.

ඉහත සහදන් පියවර ගත යුතු බවත් තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි විසින් යෝජනා කර තිබේ.

මේ අතර මෙවර වෙසක් පුන් පොහෝදිනය සැමරීමේ දී ජනතාව ඒකරාශී කරන සැණකෙලි හා උත්සව ආදියෙන් වැළකීමට කටයුතු කිරීම වඩාත් සුදුසු බව සිව්නිකායික මහනාහිමිවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් සිව්නිකායික මහනාහිමිවරුන් පෙන්වා දෙන්නේ මෙවර වෙසක් පුන් පොහෝ දින සැමරුම අධ්‍යාත්මික සුපෝෂණය සඳහා උදෙසා ප්‍රමුඛත්වය ලබාදෙමින් කටයුතු කිරීම ඉතා වැදගත් බවයි.

මහජන ආරක්ෂාව තහවුරු කරමින් සියලු බෞද්ධ සිද්ධස්ථානයන්ගේ සුරක්ෂාව උදෙසා අවශ්‍ය ආරක්ෂක විධිවිධාන යෙදීමට රජය කටයුතු කළ යුතු බව ද සිව්නිකායික මහනාහිමිවරුන් අවධාරණය කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්