ශ්‍රී ලංකාව තුළ බුර්කාව සහ ලියාපදිංචි නොවූ මද්‍රසා පාසල් තහනම් කිරීමට අදාළ කැබිනට් පත්‍රයට මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අත්සන් තබා ඇත
බුර්කාව ජාතික ආරක්ෂාවට සෘජුවම බලපාන දෙයක් බව මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා මාධ්‍ය වෙත පැවසීය .
”අපි පුංචිකාලේ වුවත් ඕනි තරම් අපි ඒ මුස්ලිම් යාලුවෝ හිටියා. මුස්ලිම් බිහිවූ දරුවෝ හිටියා. කවදාවත් මේ බුර්කාව පැළඳ ගෙන සිටියේ නැහැ. ඒක මේ ඊයේ පෙරේදා ආපු ආගමික අන්තවාදී සංකේතයක්. ඒ නිසා එක් අපි අනිවාර්යෙන්ම තහනම් කරනවා. ඒ වගේම තමයි මද්‍රසා පාසල් , මද්රසා පාසල් තිබෙනවා 2000කට වඩා අපි රටේ” යනුවෙන්ද හෙතෙම සඳහන් කළේය .
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් අනුව ලියාපදිංචි නොවුණ 1000 කට වඩා පැවති මද්‍රසා පාසල් කඩිනමින් තහනම් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවද අමාත්‍යවරයා පැවසීය