නවතම පුවත්

ශ්‍රී ලංකා ධජය සහිත පාපිස්නා ගැන විමර්ශනයක් කරනවා – චීන රජය

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා ධජය සහිත පාපිස්නා නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන පිළිබදව අවධානයෙන් සිටින බව චීන රජය  ප්‍රකාශ කර ඇත ,

ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදෙන්නේ ජාතික ධජවලට පූර්ණ ගෞරවය දැක්විය යුතු බවය.

චීනය දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ සාමය සමෘද්ධිය සහ අභිමානය වෙනුවෙන් කැපවී සිටින බව ද චීන තානාපති කාර්යාලය සඳහන් කර ඇත

ජාතික ධජය ඇතුළත් කර පාපිස්නා සහ පාවහන් නිෂ්පාදනය කර අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවිකරන වෙබ් අඩවියක ප්‍රදර්ශනය තිබේ.

අදාළ භාණ්ඩ නිෂ්පාදකවරයා චීනයේ වන අතර ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය බීජිංහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඊයේ (12) දිනයේ දැනුම්දීමක් කරනු ලැබීය.

ඊට අමතරව අදාළ භාණ්ඩ අලෙවිකරන ඇමසොන් වෙබ් අඩවියේ මූලස්ථානය පිහිටා ඇත්තේ අමෙරිකාවේ වන බැවින් ඒ පිළිබඳව සොයාබලන ලෙස වොෂිංටන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ද විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්