රමේෂ් වරල්ලෙගම
ඉස්ලාම් භක්තික කාන්තාවන් විසින් භාවිතා කරන ශරීරය සම්පූර්ණයෙන් ආවරණය වන බුර්කා ඇඳුම භාවිතා කිරීම තහනම් කිරීමට අමාත්‍යවරුන් පිරිසක් විසින් යෝජනා කළ අවස්ථාවෙහි එම යෝජනාවට තමන් විරුද්ධ නොවු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඊට අදාලව අග්‍රාමාත්‍ය කාර්යාලය මීට සුළු මොහොතකට පෙර නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය මෙසේය.
ඉස්ලාම් භක්තික කාන්තාවන් විසින් භාවිතා කරන ශරීරය සම්පූර්ණයෙන් ආවරණය වන බුර්කා ඇඳුම භාවිතා කිරීම තහනම් කිරීමට අමාත්‍යවරුන් පිරිසක් විසින් යෝජනා කළ අවස්ථාවෙහි එම යෝජනාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විරුද්ධ බවට පළ වන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර සිටී.
ඉහත ප්‍රවෘත්තිය මගින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බුර්කාව තහනම් කිරීමට නීති පැනවීමට විරුද්ධ බවට ඇඟවීමක් ඇති කිරීමට උත්සාහ ගෙන තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ බුර්කාව භාවිතය නැවැත්වීම සඳහා ඉස්ලාමීය ප්‍රජාව නියෝජනය කරන සමස්ත ලංකා ජමායතුල් උලමා සභාව විසින් යෝජනාවක් සම්මත කරනු ලැබ ඇති බැවින් අධිකරණ අමාත්‍යවරිය එම සභාව සමග ද සාකච්ඡා කොට නීති කෙටුම්පත සැකසීම සිදු කරන ලෙසය.