නවතම පුවත්

මුහුණු ආවරණ ‌හෙට සිට තහනම්

අසංක

අසංක

රමේෂ් වරල්ලෙගම

හදිසි නීති බලතල යටතේ ජනාධිපති මෛත්‍රිපල සිරිසේන මහතා විසින් බුරුකා ඇතුළු පුද්ගලයන් අදුනාගැනීමට අපහසු ශරීරය සම්පුර්ණයෙන් ආවරණයවන ඇදුම් භාවිතා කිරීම හෙට සිට තහනම් කර තිබේ.

ජනාධිපති මධ්‍ය අංශය මේ සම්බන්ධ නිල නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව ආරක්ෂක අංශ අපහසුතාවයට ලක්කර ආකාරයෙන් සම්පුර්ණයෙන්ම ශරීරය ආවරණයවන ඇදුම් පැළදීම හෙට සිට තහනම් වේ.

අදාල නිවේදනයට අනුව පුද්ගලයකු පැහැදිලිව හදුනාගැනීමට අවශ්‍යය වන මුහුණ නිරාවරණයවන ඇදුම් පැලදුම් ජනතාව භාවිතා කළ යුතුය.

බුර්කාව තහනම් කළ යුතුයැයි අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් පැමිණ තිබු අතර ඊට සියලුම ඇමැතිවරුන්ගේ සහය ලැබී නොතිබිණි.

නමුත් තමන්ද එම යෝජනාවට විරෝධය නොදැක්වු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද නිවේදනයක් නිකුත් කර තිබිණි.

මුස්ලිම් විද්වත් සභාවන්ද බුර්කාව වෙනුවට සමාන්‍ය මුස්ලිම් ආගමික පිළිගැනීමට අයත් ඇදුම් පැළදුම් භාවිතා කරන්නැයි මීට පෙර ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියේය. 

fuel
ඉන්ධන මිලේ වෙනසක්
construction
ඉදිකිරීම් අංශයේ පසුබැස්මක්
inflation decrease
මැයි මාසයේ උද්ධමනය පහළ යයි
image-18
දිලිත් - ගම්මන්පිල - විමල් ඇතුළු පිරිසක් අලුත් සන්ධානයකට
power & energy
රටටම විදුලිය, හිරු එළියෙන් !
image-16
මම තමා ටුක් එකක් ඇතුළේ කරදරයක් වුණ නැගී එන නිළිය - කවිහාරි හපුතන්ත්‍රි
image-11
මට ජනප්‍රිය වෙන්න ඒ ෆොටෝ දාන්න ඕන නෑ - විනූ පෙරේරා
image-10
සිනමා නිළියක් වෙන්න කැමතියි – අභිලාෂි සංතුෂ්කි
image-7
DSI Tyres සංවිධානය කළ Hankook ටයර් ප්‍රධාන අලෙවි නියෝජිත හමුව RIU හෝටලයේදී පැවැත්වේ
image-8
ශ්‍රී ලංකාව, ලොව හොඳම රටවල් අතර ඉදිරියෙන් !