මුස්ලිම් කාන්තාවන් විසින් පැළඳ සිටින බුර්කා හෝ නිකාබ් ඇතුළු ප්‍රසිද්ධියේ මුහුණු ආවරණ තහනම් කිරීමට ස්විට්සර්ලන්තය ඡන්දය ප්‍රකාශ කර තිබේ.
ඊයේ පැවැත්වූ ජනමත විචාරණයේ දී නිල ප්‍රතිඑලවලින් පෙනී ගියේ මෙම පියවර සඳහා ලද 51.2% කින් 48.8% ක අනුපාතයකින් වැඩි ඡන්ද ලබාගෙන ඇති බවයි.
දක්ෂිනාංශික ස්විට්සර්ලන්ත මහජන පක්ෂය (එස්වීපී) විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ “අන්තවාදය නවත්වන්න” වැනි සටන් පාඨ කියමින් ය.
ස්විට්සර්ලන්තයේ ප්රමුඛ පෙළේ ඉස්ලාමීය කණ්ඩායමක් පැවසුවේ එය මුස්ලිම්වරුන්ට නරක දිනයක් බවයි.
“අද ගත් තීරණය පැරණි තුවාල යළි පාරයි, නෛතික අසමානතාවයේ මූලධර්මය තවදුරටත් පුළුල් කරයි සහ මුස්ලිම් සුළුතරය බැහැර කිරීමේ පැහැදිලි සංඥාවක් වෙයි” යනුවෙන් එරට මධ්‍යම මුස්ලිම් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.
එය අධිකරණයේ තීන්දුවට අභියෝග කරන බව ද ඔවුහු පෙන්වා දෙති.
ස්විට්සර්ලන්ත රජය මෙම තහනමට එරෙහිව තර්ක කර තිබුණේ කාන්තාවන් අඳින පළඳින දේ නියම කිරීම රජය සතු නොවන බවයි.
ලුසර්න් විශ්ව විද්‍යාලයේ පර්යේෂණයන්ට අනුව ස්විට්සර්ලන්තයේ කිසිවෙකු පාහේ බුර්කාවක් පැළඳ නොසිටින අතර කාන්තාවන් 30 ක් පමණ නිකාබ් පැළඳ සිටී.
මිලියන 8.6 ක ජනගහනයක් සිටින ස්විට්සර්ලන්තයේ ජනගහනයෙන් 5% ක් පමණ මුස්ලිම් ජාතිකයින් වන අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් තුර්කිය, බොස්නියාව සහ කොසෝවෝ යන රටවලින් පැමිණි අය වෙති.