දම්පත් රණසිංහ
ඕනෑම පොදු ස්ථානයකදී මුහුණ ආවරණය වනසේ නිර්මාණය කර ඇති ඇඳුම් ඇඳීම තහනම් කළ යුතු බව පාස්කු ප්‍රහාරය පිළිබද සොයාබැලූ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.
වෙනත් රටවල ද එවැනිම තහනම් පනවා ඇති බව එම වාර්තාවේ නිදසුන් සහිතව පෙන්වා දී ඇත.
මේ සම්බන්ධයෙන් ප්‍රංශයේදී 2010/1192 දරණ නීතිය මගින් වර්ෂ 2010 ඔක්තෝබර් 11 වැනි දින බලාත්මක කරන ලද නීතිය ප්‍රංශයට එදිරිව පුරවැසියකු විසින් යුරෝපා සංගමයේ අධිකරණයේ පවරන ලද නඩුවක් මගින් අභියෝගයට ලක් කළ බව වාර්තාවේ දැක්වේ.
පාස්කු ප්‍රහාරයට අදාළව සිදුවී තිබූ යම් යම් සිදුවීම් හේතුවෙන් මුහුණු ආවරණ සහිත (බුර්කා) ඇදුම් පොදු ස්ථානවලදී භාවිතය මෙරට තුළ ද ප්‍රහාරයෙන් පසු කාලසීමාවක් තුළ සීමා කර තිබුණි.
ඇතැම් කඩසාප්පු ආදී ස්ථානවල මේ වනවිටත් එවැනි ඇදුම් භාවිත නොකරන ලෙස දැන්වීම් අලවා ඇත.