මහනුවර බූවැලිකඩ කඩා වැටුණු පස්මහල් නිවස ඉදිකිරීමේදී අවසරය ලබාගෙන ඇත්තේ මහල් තුනකට පමණක් බව ඒ පිළිබඳ විමර්ශනය කරන කණ්ඩාමට හෙළි වී තිබේ.
පොලිසිය පැවසුවේ සෙසු මහල් ඉදිකිරිම සඳහා නියමිත අවසරය ලබාගෙන ඇති බවට කිසිදු ලියවිල්ලක් මෙතෙක් ලැබී නොමැති බවයි.
එබැවින් මෙම ගොඩනැගිල්ලේ පාදමට මහල් 5 ක බර දැරීමට නොහැකිව එම ගොඩනැගිල්ල කඩා වැටීමට ප්රධාන හේතු අතරින් එකක් බව පොලිසිය පවසයි.
මේ අනුව එම විමර්ශන තොරතුරු ඔස්සේ ඉදිරි නීතිමය ක්රියාමාර්ග ගන්නා බව පොලීසිය පැවසී ය.