‘බූස්ටර්’ එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන් යටතේ පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින්ට 03 වන මාත්‍රාව ලබාදීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර තිබෙ

එම සංවිධානයේ උපදේශක කණ්ඩායමක් පවසා ඇත්තේ ප්‍රතිශක්තීකරණය දුර්වල පුද්ගලයින්ට බූස්ටර් මාත්‍රාවක් ලබාදිය යුතු බවය

එවැනි පුද්ගලයින් අවදානම් කාණ්ඩයේ පසුවන බැවින් ඔවුන්ට 03 වන මාත්‍රාවක් ලබාදීම සුදුසු බව එම උපදේශක කණ්ඩායම නිර්දේශ කර තිබෙ.

දින 04 ක් පුරා පැවැති සාකච්ඡාවකින් අනතුරුව අදාළ උපදේශක කණ්ඩායම බූස්ටර් මාත්‍රාවක් සඳහා වන නිර්දේශ ලබාදී ඇති බව විදෙස් වාර්තා සඳහන් කර සිටී  . එහි අවසන් වාර්තාව දෙසැම්බර් මාසයේදී නිකුත් කිරීමට නියමිතය.

මේ අතර සිනොවැක් සහ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලබා ගත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් තුන්වන මාත්‍රාවක් ද ලබාගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙ. කෙසේවෙතත් මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරිමේදී ලොව රටවල් පළමුව සිදුකළ යුත්තේ සිය ජනගහනයෙන් සුදුසුකම් ලද පිරිසට පිළිගත් කොවිඩ් මර්දන එන්නතකින් මාත්‍රා 02 ම ලබාදීම බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර ඇත .

එම ඉලක්කය සපුරා ගැනීමෙන් අනතුරුව වයස් කාණ්ඩ ඔස්සේ බූස්ටර් මාත්‍රාවක් ලබාදීම සුදුසු බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශකරයි .