චීනයේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් හෙවත් එක් තීරයක් එක් මාවතක් වැඩසටහනට විකල්පයක් ලෙස නව සංවර්ධන වැඩසටහනක් හදුන්වාදීමට ජී හත (G7) කණ්ඩායමේ රටවල් සූදානම් වේ
මෙම නව වැඩසටහන “සුපිරිසිදු හරිතවත් සංවර්ධනයක්” හෙවත් ක්ලීන් ග්‍රීන් ( ‘Clean Green Initiative’ ) යන තේමාව යටතේ හදුන්වාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත ..
මේ යටතේ ජීහත රටවල් විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙත තිරසාර සහ පරිසර හිතවාදී හරිත සංවර්ධනයක් වෙනුවෙන් වන ව්‍යාපෘති සදහා ආධාර සැපයීමට කටයුතු කෙරෙනු ඇතැයි වාර්තාවේ
ජූනි මස 11 සිට 13 දක්වා පැවැත්වීමට නියමිත ජීහත රාජ්‍ය නායක සමුලුවේදී මේ පිලිබද ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව අල්ජසීරා පුවත්සේවය වාර්තා කර තිබේ.
කැනඩාව, ප්‍රංශය ,ජර්මනිය ,ඉතාලිය,ජපානය,එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යන රටවල් ජීහත රටවල් කණ්ඩායමෙි ප්‍රමුඛ සාමාජිකයන් වන අතර යුරෝපා සංගමයද ඊට සම්බන්ධවී සිටියි.