නවතම පුවත්

බෙහෙත් ඉවරයි , ලෙඩ වෙන්න එපා !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඖෂධ මිලදී ගැනීම සඳහා රාජ්‍ය ආයතන සතුව ප්‍රමාණවත් මුදල් නොමැති බවට ඊයේ පැවති සාකච්ඡාවකදී සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා ඖෂධවේදීන්ගේ සංගමය පවසනවා. එහි සභාපති, ඖෂධවේදී කපිල ද සොයිසා පැවසුවේ හදිසි මිලදී ගැනීම් හරහා හෝ රටට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට රජය කටයුතු කළ යුතු බවයි.


පවතින තත්ත්වය මත රට තුළ ඇති ඖෂධ හිඟය තවත් මාස 03 ක් පමණ පවතිනු ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරුණා. එබැවින් රෝගාබාධවලට ගොදුරු නොවී හැකිතාක් පරිස්සම්වීම මේ මොහොතේ කළ හැකි හොඳම කාර්්‍යය බව ඖෂධවේදී කපිල ද සොයිසා වැඩිදුරටත් සඳහන් කළා.


මේ අතර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇත්තේ ඖෂධ ඇණවුම් කිරීමේදී මාසයක ඇණවුම වෙනුවට මාස 03 ක ඇණවුම් එකවර ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි.

ඉන්දීය ණය ආධාර වැඩසටහන උපරිම අයුරින් භාවිත කර ඖෂධ මිලදී ගැනීමට අදාළ කටයුතු ලබන මස මැද වන විට අවසන් කිරීමට කටයුතු කරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ. ඉන්දිය ණය ආධාර වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය ඖෂධ සහ උපකරණ මිලදී ගැනීමට පෞද්ගලික අංශය වෙත වෙන් කර ඇති මුදල මිලියන 50 ක්.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්