නවතම පුවත්

බේරූට් පිපිරීමෙන් තුවාල ලැබූ ලාංකිකයන් සංඛ්‍යාව 10ක් දක්වා ඉහළට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බේරූට් හි පිපිරීම් වලින් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව පුද්ගලයින් 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇතැයි බේරූට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.

බේරූට් පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 137ක් වන තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 5000 ඉක්මවා තිබේ.

මෙම පිපිරීම හේතුවෙන් ලෙබනනය දින තුනක් ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළ අතර ශ්‍රේෂ්ඨ කවුන්සිලය බේරූට් ආපදා නගරයක් ලෙස ප්‍රකාශයට පත් කළේය. 2020 අගෝස්තු 04 සිට සති දෙකක කාලයක් සඳහා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති  අතර ලෙබනන 2020 අගෝස්තු 10 දක්වා අගුලු දමා තිබේ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දිගින් දිගටම විමසීම් සඳහා විවෘතව පවතින අතර දිනපතා පැය උදෑසන 8.00 සිට සවස 4.00 දක්වා කාර්යලය ක්‍රියාත්මක බවද තානාපති කාර්යාලය නිවේදනය කරයි.

ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය සහායන් අඛණ්ඩව ලබාදෙන බවද තානාපති කාර්යාලය නිවේදනය කරයි.

මෙම පිපිරීම සම්බන්ධයේන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මහතාගේ ශෝක ප්‍රකාශය එරට ජනපතිවරයා වෙත පිළිගැන්වූ බවද තානාපති කාර්යාලය නිවේදනය කරයි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්