බොරැල්ලේ වකුගඩු ජාවාරමේ තැරැව්කරුවෙක් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

විශාල වශයෙන් මුදල් ලබාදෙන බවට දිළිදු ජනතාව රවටමින් බොරැල්ලේ පිහිටි පෞද්ගලික රෝහලක් කේන්ද්‍රකරගෙන සිදුව ඇති වකුගඩු ජාවාරම ගැන විමර්ශන පවත්වන කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඊට සම්බන්ධ තැරැව්කරුවෙක් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

වැල්ලම්පිටිය මෙගොඩ කොලොන්නාවේ පදිංචිකරුවෙක් වන මොහොමඩ් සාකීර් නැමැත්තාව මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශය කියයි.

මෙම සැකකරුත් සමඟ වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කොළඹ අපරාධ කොට්ඨාශය සැකකරුවන් 03 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. මේ තිදෙනාම තැරැව්කරුවන්ය.