නවතම පුවත්

මෙරට වෙළඳ ‍හා සේවාවේ බහුතරය තොග-සිල්ලර-මෝටර් වාහන අංශවල අය බවට අනාවරණයක්

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ වෙළඳ හා සේවා අංශයේ නියුක්තව සිටින සියලුම ආයතන සළකා බැලීමේදී ඉන් බහුතරය නිරත වන්නේ තොග සහ සිල්ලර වෙළඳාමෙහි සහ මෝටර් වාහන හා මෝටර් සයිකල් අළුත්වැඩියා කිරීමෙහි බවට අනාවරණය වෙයි. එය 41.8%ක ප්‍රතිශයතයකි.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2019 දී සිදුකරන ලද නවතම වාර්ෂික වෙළෙඳ සේවා සමීක්ෂණයේදී මේ බව හෙළිවී ඇත.

ඒ අනුව මෙරට වෙළඳ හා සේවා අංශයේ නියුක්ත මුළු කුඩා, මධ්‍යම හා මහා පරිමාණ ආයතන සංඛ්‍යාව 57,639කි.

මීට අමතරව 19.9%ක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත වේ.

සමස්ත සංඛ්‍යාවෙන් 12.0%ක් නවාතැන් පහසුකම් හා ආහාර සේවා සැපයීමේද නිරත ‍වන බව එම දත්ත පෙන්වා දේ.

ආර්ථික අංශවලට අයත් ආයතන ගණන – 2018

අනෙකුත් සේවා ක්‍රියාකාරකම් හා සසඳන විට පරිපාලන සහ උපකාරක සේවා ක්‍රියාකාරකම්වල ඇති ආයතන සංඛ්‍යාව 1,439ක් වන අතර එය අඩු අගයක් ගත්ත ද, එය සාපේක්ෂව ඉහළ පුද්ගලයින් සංඛ්‍යාවක්, එනම් 124,455ක් සේවයේ යොදවා ඇත.

ආර්ථික අංශවල නියැලෙන පුද්ගල සංඛ්‍යාව අනුව

සියලුම ආර්ථික අංශ අතරින්, ආයතන සංඛ්‍යාවක් සහ නියැලී සිටින පුද්ගලයින් සංඛ්‍යාව අතින් අවමය වාර්තා වන්නේ නිශ්චල දේපල අංශයෙනි.

ආර්ථික අංශවල නියැලෙන පිරිස ස්ත්‍රී-පුරුෂ භාවය අනුව වර්ග කිරීම
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්