බොරැල්ලේ ස්ථාන කිහිපයක්  හුදකලා කෙරේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොළඹ – ගම්පහ
ප්‍රදේශ කිහිපයක් නිදහස්
ප්‍රබෝධා හෙට්ටිආරච්චි
බොරැල්ලේ ස්ථාන කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව ගෝතමීපුර 24 වත්ත, ගෝතමීපුර 78 වත්ත සහ ගෝතමීපුර මහල් නිවාස ය.
මේ අතර ග්‍රෑන්පාස්, මාලිගාවත්ත සහ දෙමටගොඩ යන පොලිස් බල ප්‍රදේශය අද (11) උදෑසන 5 සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ද අද (11) උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කර තිබේ.
ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයේ හුදකලා බව ඉවත්කර ඇති ප්‍රදේශ වන්නේ වත්තල පොලිස් වසමේ වැලිකඩමුල්ල ග්‍රාමනිලධාරී වසමේ දූව වත්ත, කිරිබත්ගොඩ පොලිස් වසමේ හුණුපිටිය උතුර ග්‍රාමනිලධාරී වසමේ වෙඩිකන්ද, මීගමුව පොලිස් වසමේ තල්දුව ග්‍රාම නිලධාරි වසමේ MC නිවාස යෝජනා ක්‍රමය යන ප්‍රදේශ වේ.