කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් 224 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ බොරැල්ල පොලිසියේ දැනට සේවයේ යෙදී සිටින නිලධාරීන් 51 දෙනෙකු PCR පරීක්ෂණයට ලක්කිරීමෙන් පසු ලද වාර්තාවෙන් 41ක් දෙනෙකුට වෛරසය වැළඳී ඇති බවට තහවුරු වීමත් සමඟ ය.
පොලිස් විශේෂ කාර්ය බළකායේ 55ක්, කොළඹ අපරාධ කොට්ඨාශයේ 47ක්, බොරැල්ල පොලිසියේ 56ක් වෛරසය ආසාදිත වැඩිම පොලිස් නිලධාරින් හමු වූ ස්ථාන බවට හඳුනාගෙන ඇත.