පැතුම් වික්‍රමරත්න
රට තුළ සහල් හා සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් උද්ගතව ඇති බවට පැතිර යන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව රජය අවධාරණය කර සිටී .
ජනතා ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් ආහාර ද්‍රව්‍ය තොග රජය සතු බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා නිවේදනය කළේ.ය
මෙරට තුළ ආහාර හිඟයක් ඇති බවට ඇතැම් දේශීය හා විදේශීය මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ප්‍රචාරය කරමින් සිටින බවත් එවැනි තත්වයක් රට තුල පැතුවා නැති බවත් එම නිවේදනයේ දැක්වේ ..
එමෙන්ම ඇතැම් විපක්‍ෂයේ දේශපාලනඥයන්ද මෙම අසත්‍ය නැවත ප්‍රචාරය කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය .
එම සියළු ප්‍රචාර අසත්‍ය බවත් රට තුළ ආහාර හිඟයක් ඇතිවේ යැයි අනියත බියක් ඇති නොකර ගන්නා ලෙසත් රජය ජනතාවට වැඩිදුරටත් දැනුම් දෙ.