ඉන්දියාවේ ජනප්‍රිය සංගීතඥයින් වන ග්‍රීනි සහ අලෝෂ් පිය පුතු දෙපල විසින් ඉදිරිපත් කරන සුවිශේෂී බොලිවුඩ් සංගීතාත්මක ප්‍රසංගය එළඹෙන 09 වන ඉරුදින සවස 6.30 සිට ශ්‍රී ලාංකික රසික ප්‍රජාව වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ පැවැත්වේ.
මෙරට ඉන්දීය සංස්කෘතික කේන්ද්‍රය ( ස්වාමි විවේකානන්ද සංස්කෘතික කේන්ද්‍රය ) හා මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන මෙම ප්‍රසංගය සඳහා https://www.facebook.com/ICCRSriLanka යන ෆේස් බුක් පිටුව හරහා ශ්‍රී ලංකික රසික ප්‍රජාවට එක්විය හැක.
.පාරම්පරික සංගීත පරපුරකින් පැවත එන මෙම පිය පුතු දෙපල ., ඉන්දියාව පුරා සජීවී සංගීත ප්‍රසංග රැසක් පවත්වා ජනප්‍රියතාවයට පත්ව ඇති අතර ගීත ගායනයට මෙන්ම සංගීත භාණ්ඩ වාදනයෙන්ද ඔවුන් දකෂතා පෙන්වා ඇත .
මෙම ප්‍රසංගය හරහා බෝලිවුඩ් සිනමා සංගීතය මෙන්ම ඉන්දීය ජන සංගීතයද රසවිඳීමට මෙරට සංගීත රසික රසිකාවියන්ට අවස්තාව උදාවනු ඇත ,