නවතම පුවත්

සල්ලි දීලා ගෙවල්වලින් ඡන්ද කාඩ් ගත් ඖෂධ සංස්ථා හිටපු සභාපති පලාගිහින්

අසංක

අසංක

බේරුවල ප්‍රදේශයේ නිවෙස්වලට ගොස් මුදල් දී නිල ඡන්ද පත්‍රිකා ගැනීමට උත්සහ කළ පුද්ගලයින් දෙදෙනෙක් ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට භාරදී තිබේ.

ඔවුන් එක් නිල ඡන්ද පත්‍රිකාවකට රුපියල් 5000 බැගින් ලබාදී ඇත.

සැකකරුවන් අල්ලගන්නා අවස්ථාවේදී දෙදෙනෙක් පළාගොස් ඇත.

ඒ අය අතර රාජ්‍ය ඹෟෂධ සංස්ථාවේ හිටපු සභාපතිවරයෙක් වන හිටපු ඇමතිවරයෙකුගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙක් සිටින බව හදුනා ගෙන ඇතැයි බේරුවල පොලීසිය සදහන් කරයි.

එම පුද්ගලයින් පළාගොස් ඇත්තේ ඔවුන් පැමිණි මෝටර් රථයද මහ මග දමාය.

මෝටර් රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී සමගි ජනබල වේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂකයින් වන රාජිත සේනාරත්න සහ මොහොමඩ් ජෙමිල් මරික්කාර මොහොමඩ් ඉෆ්තිකාර් යන අයගේ ඡන්ද ප්‍රචාරක දැන්වීම් ගොන්නක්ද තිබුණු බව පොලීසිය කියයි.

පළාගිය දෙදෙනා හදුනාගෙන ඇත.

ඒ අය අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව ඒ සම්බන්ධයෙන් කළ විමසුමකදී පොලීසිය පැවැසීය.

මුදල් බෙදා ඡන්ද කාඩ්පත් එකතු කිරීම් සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලැබෙන්නේ මහජනතාවගෙන් බවද එය සතුටුදායක කරුණක් බවත් පොලීසිය කියාසිටියි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්