බෝම්බකරුවන්ගේ තඹ කම්හලේ විමර්ශනයේදී වැල්ලම්පිටිය OICට බලපෑම්

Picture of අසංක

අසංක

පාස්කු ඉරිදා බෝම්බකරුවන්ට අයත් තඹ කර්මාන්තශාලාවේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී විශ්‍රාමික ජ්‍යේෂ්ට පොලිස් අධිකාරීවරයෙක් තමාට බලපෑම් කළ බව වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පවසා තිබේ.


ඒ අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය එම විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් අද දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇත.


මෙම බලපෑම් ගැන හෙළිවී ඇත්තේ සැකකරුවන් 9 දෙනා අධිකරණයෙන් නිදහස් කිරීම, පොලීසියේ වරදකින් සිදුවී දැයි සොයා බැලීමට කරන ලද විමර්ශන යේදීය.