නවතම පුවත්

බෝම්බකරුවන් රකින්න අසාද් සාලි බලපෑම් කළ හැටි DIG පාලිත හෙළිකරයි

අසංක

අසංක

සටහන – සංදේශ් වික්‍රමසිංහ

මාවනැල්ල බුදු පිළිමවලට හානි කළ සාදික් සහ සාහිඩ් යන සහෝදරයන් දෙදෙනා අත්අඩංගුවට ගෑනීමට යාමේදී බස්නාහිර හිටපු ආණ්ඩුකාර ආසාද් සාලි මහතාගෙන් පොලිසියට බලපෑම් එල්ල වු බව විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා The Colombo Express වෙත අනාවරණය කළේය.

බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් අත්අඩංගුවට ගැනීමට ඉතිරිවුයේ මෙම සහෝදරයන් දෙදෙනා බවත් ඔහු හෙළි කළේය.

මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් යොදාවා තිබු අතර ඒ වනවිට මාවනැල්ල ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයාට දුරකථන ඇමැතුමක් දෙමින් සහෝදරයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම නොකරන ලෙසත් ඉදිරි දින කිහිපය තුළ ඔහුව පොලිසියට භාර දෙන බව අසාද් සාලි මහා දැන්වු බව විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා පවසයි.

අසාද් සාලි මහතාගෙන් එම ඇමැතුම ලැබීමට මොහොතකට පෙර පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ඇමැතුමක් දෙමින් අසාද් සාලි මහතාගෙන් ඇමැතුමක් ලැබෙනු ඇතැයි පැවසු බවද සිරිවර්ධන මහතා කියා සිටියේය.

මෙම ඇමැතුම හරහා අසාද් සාලි මහතා පවසා සිටි පරිදි සැකකරුවන් දෙදෙනා පොලිසියට භාර නොදුන් බවත් සතියකට පසු ඒ ගැන විමසීමේදී ඉතා පහත් ආකාරයට ඔහු පොලිසියට බැන වැදුන බවත් විශ්‍රාමික පොලිස්පතිවරයා පැවැසීය.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරුවන් ලෙස මේ වනවිට ඉහත සහෝදරයන් දෙදෙනා දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින අතර සහරාන්ගේ පුහුණු කදවුර භාරව තිබුණේ මෙම සැකකාර සහෝදරයන්ට බව මේ වනවිට රහස් පොලිස් පොලිස් පරීක්ෂණවලදී හෙළිවෙමින් තිබේ.


අසාද් සාලි මහතා බලපෑම් කොට මෙසේ බේරාගෙන තිබු සහෝදරයන් සිරියාවේ ගොස් මරාගෙන මැරෙන පුහුණුව ලබා ඇති බවද අපරාධ පරීක්ෂණ දදෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත.

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා මෙම සැකකාර සහෝදරයන් පොලිස් අත්අඩංගුවට ගැනීමට ඉඩ දී සිටීම හෝ නැතිනම් පොරොන්දු වු පරිදි පොලිසියට භාර දීම සිදුකළේ නම් පාස්කු ඉරිදා ප්‍රහාරයක් සිදුනොවන බවත් මරාගෙන මැරෙන සෑම බෝම්බ කරුවෙකුම අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබු බවත් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා පැවැසීය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා