බෝම්බ සිද්ධිය පිටුපස ගෝඨාභය නැහැ – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රමේෂ් වරල්ලෙගම

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සිදුවීම් පිටුපස සිටින බව තමන් විශ්වාස නොකරන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් සදහන් කළේය.

අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානය දැනට වගකීම භාරගෙන තිබෙන කිතුනු දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගෙන  ජීවිත 253 බිලිගත් පාස්කු ඉරිදා (4-21)  මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව පිටුපස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිටින බවට දේශපාලන වශයෙන් කෙරෙන චෝදනාවලට පිළිතුරක් ලබාදෙමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද මෙම ප්‍රකාශය කිරීම විශේෂත්වයකි.

අදාල ප්‍රකාශය මේ වනවිට විද්‍යුත් හා සමාජ ජාලා ඔස්සේ විශාල වශයෙන් පරිශීලනය කොරෙමින් තිබෙන බව ද කළම්බො ඒක්ස්ප්‍රස් වෙත දැනගන්නට ලැබිණි.

එහිදී මාධ්‍ය වේදියා ඇසු ප්‍රශ්නයට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ලබා දෙන පිළිතුර මෙසේය.

මාධ්‍යවේදියා ප්‍රශ්නය – ගෝඨාභය රාජපක්ෂ මෙම සිදුවීම පිටුපස සිටින බවට චෝදනා කරනවා පිරිසක් ?

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ පිළිතුර – මෙහෙමයි මේ සිදුවීම් පිටුපස එතුමා ඉන්නවා කියලා මම විශ්වාස කරන්නෙ නැහැ. මොකද මේ වගේ සිදුවීම් සංවිධානය කරන එකත් ලේසි වැඩක් නෙමෙයි. ඒ නිසා එතුමා මේවා පිටුපස්සෙ ඉදන් සංවිධානය කළා කියලා මම හිතන්නෙ නැහැ. නමුත් මේ ප්‍රශ්නයෙදි යම් යම් අය ගැලවෙන්න පොලිස්පතියි ආරක්ෂක ලේකමුයි බිල්ලට දුන්නා කියලයි මම දකින්නෙ.

සමාජ ජලාවල පැතිර යන දෙරණ ටී.වී ප්‍රවෘත්ති පටයේ කොටස පහතින් නැරඹිය හැකිය.